රාජකාරි නිමකර එද්දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මරුට

560

සූරියවැව මුවන්පැලැස්ස ප‍්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක ආරක්ෂක රාජකාරීය නිමකර සිය යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී සූරියවැව පරණ ඇඹිළිපිටිය පාරේ 09 හමාර ප‍්‍රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (10 දා) අළුයම මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇත්තේ සූරියවැව පොලිසියට අනුයුක්තව එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අංක 01, ආර්ථික මධ්‍යස්ථාන පාර, නව නගරය, ඇඹිළිපිටිය ලිපිනයේ පදිංචි 35 හැවිරිදි දුමින්ද නිරෝෂන් නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.

රාජකාරි නිමකර එද්දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට  පැන සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මරුට

මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (09 දා) දින රාත‍්‍රියේ සූරියවැව මුවන්පැලැස්ස ප‍්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක ආරක්ෂක රාජකාරියේ නිරතව සිට පසුව ඊයේ (10 දා) අළුයම 02.00ට පමණ පරණ ඇඹිළිපිටිය මාර්ගය ඔස්සේ නිවස බලා යෑමට යතුරුපැදියෙන් පිටත්ව ගොස් තිබේ. එහිදී පැදිකරුට නින්ද යෑම හේතුවෙන් යතුරුපැදිය නවය හමාර ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

අනතුරින් උප පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේදීම මියගොස් තිබේ. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment