රුපියල් කෝටි දහයක වංචාවකට සෞඛ්‍ය ගිණුම් සේවිකාවන් දෙදෙනෙක් රිමාන්ඩ්

285


මහනුවර දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි දහයකට ආසන්න මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ‍සැකපිට අත්අඩංගුවට ගත් එම කාර්යාලයේ ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනා සහ එක් සැකකාරියකගේ ස්වාමිපුරුෂයකු මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙම මස 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව මහතා නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ පුද්ගලයා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කළ එක් කාන්තාවකගේ සැමියා බව පොලීසිය පවසයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිරෝෂා මැදිවක,සජීවනී ජයරත්න හා එස්.ඊරියගොල්ල නැමැති තිදෙනාය.

advertistmentadvertistment
advertistmentadvertistment