රුසියානු විදේශ ඇමැතිවරයාගේ ඉන්දීය සංචාරයට බටහිර රටවල් දෙකක විරෝධය

750

රුසියානු විදේශ කටයුතු ඇමැති සර්ගෙයි ලැව්රෝව් ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිදු කිරීමට නියමිත ද්වීපාර්ශ්වීය සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය හා ඔස්ටේ‍්‍රලියාව ඉන්දියාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

රුසියානු විදේශ කටයුතු ඇමැතිවරයාගේ සංචාරයේදී ඉන්දියාව විසින් සාකච්ඡුාවට ලක් කිරීමට බලාපොරොත්තු වන රුසියාවෙන් අවි මිලදී ගැනීම හා අඩු මිලට තෙල් මිලදී ගැනීම යන කරුණු මගින් රුසියාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය හා හිතවත් රටවල් විසින් පනවා ඇති සම්බාධක අවතක්සේරුවට ලක් කෙරෙන බව ඇමෙරිකානු වාණිජ ලේකම් ගිනා රයිමොන්ඩෝ පවසා තිබේ. ‘දැන් එළඹ ඇත්තේ ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටගැනීමේ වාරයයි. එනම් යුක්රේන ජනතාවගේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ස්වාධිපත්‍යය වෙනුවෙන් සිටගැනීම හා ඒ වෙනුවෙන් පෙනී සිටින ඇමෙරිකා එක්සත් ජනපදය හා මිත‍්‍ර රටවල් සමග සිටගැනීමේ අවස්ථාවයි. රුසියානු ජනපති පුටින්ගේ යුද්ධයට ආධාර කිරීම, දිරි ගැන්වීම හා අරමුදල් සැපයීම නොවේ’ ඇය සඳහන් කර තිබේ. රුසියානු විදේශ කටයුතු ඇමැතිවරයා විසින් ඉන්දියාවේ සිදු කරන සංචාරයේදී සාකච්ඡා කිරීමට යන කරුණු දැඩි කණස්සල්ලට කරුණක් බවද ඇය සඳහන් කර තිබේ. රුසියානු විදේශ කටයුතු ඇමැති ලැව්රෝව්ගේ ඉන්දීය සංචාරය තුළදී චීනය සමග පවතින දේශසීමා සටන්වලදී භාවිත කිරීම සඳහා රුසියාවෙන් අවි මිලදී ගැනීම මෙන්ම රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බව අනාවරණය වී තිබේ. රුසියානු විදේශ ඇමැතිවරයා ඊයේ නවදිල්ලි නගරයට පැමිණීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment