රොෂාන් රණසිංහ උසාවියට අපහාස කළා – නීතිඥයකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

137

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ දිනිති සිරාජ් ඔගස්ටස් මහත්මිය අභියාචාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ සුභාෂණී ජයලත් මහත්මිය මගින් එම පෙත්සම ගොනුකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය තහනම් කරමින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවට පෙත්සම්කාර නීතිඥවරිය අධිකරණයට කියා තිබුණි.

ඉන් අනතුරුව හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පසුගිය 08 දා පාර්ලිමේන්තුවේදී එකී නියෝගය සහ එකී නියෝගය ලබාදුන් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පුද්ගලිකව සඳහන් කරමින් දූෂිත කල්ලියකට එම විනිසුරුවරයා රැකවරණය දෙන බවට කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට කළ බලපෑමක් මෙන්ම අධිකරණයට කළ අපහාසයක් වන බවත් එබැවින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment