රෝග රැසකට අවශ්‍ය ඖෂධ 252ක් රටේ නෑ – වෛද්‍ය චමල් සංජීව

80

තැලසීමියා ඇතුළු රෝග රැසකට අවශ්‍ය ඖෂධ වර්ග 252 ක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (19 දා) පැවසීය.

Asprin tablet 300m, Diazoxime tablet 50mg, Trimethoprim tablet 100 mg ඇතුළු හිඟ ඖෂධ වර්ග 252 ට අදාළ වාර්තාව තමන් සතුව ඇති බවද ඒ මහතා කියයි.

හිටපු සෞඛ්‍ය ඇමැති හා ලේකම් ඉවත්වී දැනට මාස 05ක් ගතවී ඇතත් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාට සහ ලේකම්වරයාට ඖෂධ හිඟයට පිළියමක් සොයා ගැනීමට නොහැකිවී සිටින බවත් පෙනෙන්නට තිබෙන බවද වෛද්‍ය චමල් සංජීව මහතා කීය.

මේ වනවිට ප්‍රාදේශීය රෝහල්වලට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම එම රෝහල්වල අධ්‍යක්‍ෂවරුන්ට මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් පවතින බවත් එයද එක්තරා දූෂණයකට පාර කැපීමක් විය හැකි බවත් පැවසූ හෙතෙම ඖෂධ සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතු බවත් මේ වනතෙක් නව බලධාරීන් එවැනි පියවරක් ගන්නා බවට නොපෙනෙන බවත් ද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment