රෝහිත් ශර්මා වාර්තා රැසක් බිඳී

672

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පෙරේදා පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් අතර එහිදී පන්දු 84 කදී ලකුණු 131 ක් ලබාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා ගේ ඉනිම වාර්තා රැසක් බිඳ හෙලූ ඉනිමක් බවට පත්විය.

ශර්මා එම ඉනිමේදී එල්ල කරන ලද හයේ පහර 5 ත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට ඔහු පත් වූයේය. ශර්මා ට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ නමින් එම වාර්තාව පැවති අතර ගේල් එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 553 කි. නව වාර්තාවට හිමිකම් කියන ශර්මා එල්ල කර ඇති 6 පහර සංඛ්‍යාව 556 ක් වේ.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර එහි දෙවෙනි ස්ථානය එංගලන්ත නායක ජොස් බට්ලර්ට හිමි වන අතර ඔහු හයේ පහර 315ක් ලබා ඇත. එසේම රෝහිත් ෂර්මා ලෝක කුසලාන තරග පොතේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 1,000 පසු කර ගිය ක්‍රීඩකයන් අතර ඩේවිඩ් වෝනර් සමග අංක එක ස්ථානයේ සමතැන් ගැනීමට ද පෙරේදා සමත් වූයේය.

එක්දින තරගවලදී 31 වැනි ශතකය සහ ලෝක කුසලාන තරගාවලියේ හත්වැනි ශතකය ලෙස ශර්මා වාර්තා කළ එම ශතකය වාර්තා පොත් අතරට එක් වූ අතර සචින් ටෙන්ඩුල්කාර්ගේ ලෝක කුසලාන ශතක සංඛ්‍යාව ද ශර්මා එහිදී ඉක්මවා ගියේය.

එසේම 2007 වසරේදී බර්මියුඩාවට එරෙහිව පන්දු 81කදී විරේන්ද්‍ර ෂෙවාග් තබා තිබූ වාර්තාව බිඳ දමමින් පන්දු 63 කදී ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකය වාර්තා කළ ඉන්දියානුවා බවටද පත් වූයේය. තවද එය ලෝක කුසලාන තරගාවලියක ලකුණු හඹා යෑමක දෙවැනි වේගවත්ම ශතකයද වූයේය.

ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයන්

556 – රෝහිත් ෂර්මා, 553 – ක්‍රිස් ගේල්, 476 – ෂාහිඩ් අෆ්රිඩි, 398 – බ්‍රෙන්ඩන් මැකලම්, 383 – මාටින් ගප්ටිල්

ලෝක කුසලානයේ ලකුණු 1000 දක්වා අඩුම ඉනිම

19 – ඩේවිඩ් වෝනර්

advertistmentadvertistment
advertistmentadvertistment