වනජීවී-යුද හමුදා ගැටුමෙන් අලි පැටවුන් මුදාගැනීමේ මෙහෙයුමක් වතුරේ

257

වනජීවී නිලධාරීන් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් අතර ඉකුත් 25 වැනිදා රාත‍්‍රියේ හබරණදී ඇතිවූ ගැටුම හේතුවෙන් දින ගණනාවක සිට සැළසුම්කර රහසිගතව ක‍්‍රියාත්මක කරමින් තිබුණු අලි පැටවුන් මුදාගැනීමේ මෙහෙයුමක් වතුරේ ගිය බව පොළොන්නරුව කලාපයේ ඉහළ පෙළේ වන ජීවී නිලධාරියකු ‘දිවයිනට’ පැවසීය.

මින්නේරිය උද්‍යානයේ වෙසෙන අලි පැටවුන් සොරකම් කිරීම සඳහා ප‍්‍රකට අලි ජාවාරම්කරුවකු සමග කණ්ඩායමක් නිරෝධායන නීති නොතකා හබරණ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකව පවතින බවට ලැබුණු තොරතුරක් මත වන ජීවී නිලධාරීන් විසින් පසුගිය 22 දා සිට දිවා – රාත‍්‍රී අඛණ්ඩ මෙහෙයුමක් කරමින් සිටි බවද සිද්ධියෙන් අනතුරුව මෙම මෙහෙයුම පිටස්තර පුද්ගලයින්ට අනාවරණය වූ බවද එම නිලධාරියා සඳහන් කළේය.

නිරෝධායන නීති නොතකා එක් අලි ජාවාරම්කරුවකු බලංගොඩ ප‍්‍රදේශයේ සිට පැමිණ කශ්‍යපගම ප‍්‍රදේශයේ හෝටලයක මාස දෙකක පමණ කාලයක් රැඳී සිටිමින් කටයුතු කරන බවට හා තවත් ජාවාරම්කරුවකු කොළඹ සිට පැමිණ හබරණ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක රැුඳී සිටින බවට තොරතුරු අනාවරණය කරගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සඳහා වන ජීවී නිලධාරීන් ඊරිගේඔය ප‍්‍රදේශයේ රැුකවල්ලා සිටින අතරතුර ඉකුත්දා යුද හමුදා කණ්ඩායමක් සමග ගැටුමක් හටගෙන තිබිණි.

ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment