වරප්‍රසාද අඩු කිරීම ඇමැතිවරුන්ට විතරක් නොව ඉන් බැහැර දේශපාලනඥයන්ටත් අදාළ විය යුතුයි – උමංදාවේ සිරි සමන්තභද්‍ර හිමි

156

අලුතින් පත් කරන කැබිනට් ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති පියවර අගය කරන නමුත් එම ක්‍රියාදාමය ඵලදායී ලෙස තවත් සක්‍රීය කිරීමට නම් සියලු දේශපාලනඥයන් දස වසරක කාලයක් වරප්‍රසාද විරහිත දේශපාලනයක නිරත විය යුතු බව උමංදාව මහා විහාර ආශ්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමිපාණන් සඳහන් කරති.

එම කැපකිරීම ප්‍රාදේශීය සභාවේ සිටම රටට දිය යුතු යැයි ද පෙන්වා දෙන උන්වහන්සේ තමා මල්වතු මහ නාහිමි ප්‍රමුඛ මහනාහිමිවරුන් වෙත ඉදිරිපත් කර ඇති තුන් ඈඳුතු යෝජනාවලියට ද එම වරප්‍රසාද අඩු කිරීම ඇතුළත් වූ බව ද අවධාරණය කරති.

දේශපාලනඥයන් විගණනයට හා විමර්ශනයට ලක් කිරීම දස වසරක ජාතික ප්‍රතිපත්තියක් දියත් කිරීම ද එම සෙසු යෝජනා අතර වූ බව ද සිහිපත් කර සිටිති.

ධර්මසේන වැලිපිටිය

 

advertistmentadvertistment
advertistmentadvertistment