උසස්වීම් ඉල්ලා දුම්රිය රියැදුරෝත් අද වර්ජනයක

99

දුම්රිය රියැදුරු සංගමය විසින් ඊයේ (11දා) මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව ඊයේ සිටම ඇතැම් දුම්රිය රියැදුරන් අසනීප නිවාඩූ වාර්තා කරමින් සිටි අතර ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හා අනෙකුත් දුම්රිය ද අවලංගු වන ලකුණු දිස් විය. සවස ධාවනය ද ගැටලුවක් වෙමින් පැවතිණි.

කෙසේ වෙතත් දුම්රිය ධාවනාගාරවල රියැදුරන් කොටසක් දුම්රිය ධාවනය සඳහා කටයුතු සිදු කරන අතර ඇතැම් ධාවනාගාර රියදුරුන් අතරින් කොටසක් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවතීර්ණය වී සිටිති.

දෙවන පෙළට උසස්වීම් ලබා නොදීමේ ගැටලුවක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතව තිබිණි.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment