වර්ජනයේ හැඩය ගැන අවසන් තීරණය අනිද්දා

88

වරාය, දුම්රිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ලබන 15 වැනිදා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර තෙල් සහ විදුලිය ඇතුළු රජයේ ආර්ථික මර්මස්ථානවල වෘත්තීය සමිති එම වර්ජනයට සහාය දෙන ආකාරය අනිද්දා (13 වැනිදා) රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.

බදු පනතට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අඛණ්ඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති හතළිහක් සූදානම් වී සිටියද අඛණ්ඩ වැඩවර්ජනයකට පෙර ඒ ඒ ආයතන මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති නායකයින් තීරණය කර ඇත.

විදුලිය, තෙල් හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයක වර්ජනයකදී ජනතාව ඉන් දැඩි අපහසුතාවට පත්වන නිසා ඒ පිළිබඳ සලකා බැලීමට සිදුව තිබෙන බව වෘත්තීය සමිති නායකයෝ ‘දිවයින’ට පැවසූහ.

ඒ අනුව තම ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ලංවිම, තෙල් හා සෞඛ්‍ය අංශවල වෘත්තීය සමිති ලිඛිතව රජයෙන් ඉල්ලා තිබෙන අතර විසඳුමක් නොදෙන්නේ නම් 15 වැනිදා දියත් කරන වර්ජනයට සහාය ලබාදෙන ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බවද ඔවුහු කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment