විස්සයි විසිදෙකේ හොඳම මෙසී

149

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසී විසින් හිමි කර ගන්නා ලදි.

මෙසී එම සම්මානය හිමි කරගත් දෙවෙනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ක්‍රිස්ටියානෝ රොනාල්ඩො සහ රොබර්ට් ලෙවොන්ඩව්ස්කි එම සම්මානය දෙවරක් හිමි කර ගෙන ඇත.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ගෝල් 7ක් ලබා ගත් මෙසී අවසාන මහා තරගයේ දී ද ගෝල දෙකක් ලබා ගනිමින් ආර්ජන්ටිනාව ට ලෝක කුසලානය හිමිකර දීමට පෙරමුණ ගත්තේය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා අතින් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය මෙසී හිමිකර ගත් අතර ආර්ජන්ටිනාවට අමතරව ඔහු පැරිස් සේන්ට්ජර්මන් කණ්ඩායම ද නියෝජනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment