වෙහෙරගල ජලාශයේ වාන්දොරටු හයම විවෘත කෙරේ

57

වෙහෙරගල ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශවලට අධික ලෙස වර්ෂාව ලැබීමත් සමඟ වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීම නිසා එහි වාන් දොරටු හයම විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් කටයුතු යොදා ඇත.

අඩි තුනක් පමණ උසට ජලය මුදාහැරෙන අතර එම ජලය මැණික් ගඟට ගලායයි.

සෙල්ලකතරගම ප්‍රදේශයේ ගඟේ දේවාලය මේවන විට ජලයෙන් යටවී තිබෙන අතර නාගහ වීදිය ඇතුළු මැණික් ගඟ අසල පිහිටි නිවාස කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

ප්‍රදේශවාසීන් සහ පුදබිමට පැමිණෙන බැතිමතුන් මැණික් ගඟේ ජලය පරිහරණය කිරීමේදී ඉතාමත් පරිස්සම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment