වෙළෙඳ මාෆියාවට එරෙහි සටන ජයගන්න පාඨලීත් එකතුවීම සතුටක් – ජනතා පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත්

48

පාරිභෝගිකයන් වෙනුවෙන් හඬක් නඟන්නට දේශපාලනඥයකු වශයෙන් පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත්වීම පිළිබඳව සතුටට කරුණක් යැයි ජනතා පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

වෙළෙඳ මාෆියාව අද ලුණු කැටේ සිට සෑම ආහාර භාණ්ඩයක්ම විශාල වශයෙන් ගසා කන අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කුකුළු මස් හිඟයක් නැතිව සපයන බව කියමින් කුකුළු මස් මිල අද ශීඝ්‍රයෙන් ඉහළ දමා ඇතැයි කී අසේල සම්පත් මහතා වෙළෙඳ මාෆියාවට එරෙහිව තමා සටන ක්‍රියාත්මක කරගෙන යද්දී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද ඒ හඬ රැගෙන යෑමට ඉදිරිපත්වීම ඉතා වැදගත් යැයි ද කීවේය.

වෙළෙඳ මාෆියාව මර්දනය කිරීමට අද දේශපාලනඥයන් පෙරමුණ ගත යුතුව ඇතැයි ද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment