ශ්‍රීලනිප හා ඩලස්ලාත් විශ්වාසභංගයට පක්‍ෂ වෙති පාඨලීත් ඒ පැත්තට

61

කථානායකට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ නිදහස ජාතික සභාව තීරණය කර ඇත.

මාර්ගගත සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සංශෝධන එක්නොකොට එම පනත සම්මත කිරීමට කථානායක ක්‍රියා කළ බව කියමින් ඊට එරෙහිව සජබය පසුගිය 26දා එම විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම ආරම්භ කළේය.

මේ අතර විපක්‍ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment