විදුලි බිලට එරෙහිව අද පන්දම් 500ක් දල්වා ඇඹිලිපිටියේදී විරෝධතා

68

විදුලි බිල වැඩි කිරීමට ගෙනැවිත් ඇති යෝජනාවට එරෙහිව අද දින සවස හයයි තිහේ සිට ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙයි. ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදේශකත්වයෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මගින් මෙය සංවිධානය කරනු ලබයි.

ඇඹිලිපිටියේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ද මේ සඳහා එක්වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

කඩසාප්පු වසා, විදුලි පහන් නිවා දමා පන්දම් පන්සියයක් දල්වා මෙම විරෝධතාව පවත්වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment