ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත දැමීම ගැන නීතිමය පියවර

349

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 වසරේ ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ පැවැති අතර ඊට විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment