සංවර්ධන ලොතරැයි පත් අතරින් අනුරපුරෙන් බිහි වූ දස ලක්ෂපති ජයග්‍රාහකයින්ට චෙක්පත් ප්‍රදානය කරයි

48

දශක හතරක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාව හට ජයග්‍රහණ ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතරින්, අනුරපුරයෙන් බිහිවුණු ලොතරැයි ජයග්‍රාහකයින්හට මූල්‍යමය චෙක්පත් පිරිනැමීම හා එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් හට මුදල් හා සහතිකපත් ප්‍රදානය, හිටපු සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු. එච්.බී. සේමසිංහ මැතිතුමාගේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කපිල අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගර පරිශ්‍රයේ දී පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ස.සාමාන්‍යාධිකාරී (විකුණුම්)(වැ.බ.) සී.සී. අයිලප්පෙරුම මහතා, කලාප කළමණාකරු චන්දන ජයවර්ධන මහතා ඇතුලු පිරිස සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment