සජිත්ට පුළුවන් දේවල් මනූෂ හෙළි කරයි

458

සජිත්ට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ යැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. පටු විදියට හිතන්නේ නැති, ජාතිවාදී, ආගම්වාදී නොවන, ජාතික වශයෙන් හිතන නායකයෙක් එක්ක වැඩ කරන්න උතුරේ ජනතාව සූදානම්ජනතා විමුක්ති පෙරමුණේ පුස් රැල්ල බිදිලා. ඒ ශෝ එක ඉවරයි.හරිනි අමරසූරියලාගේ දේශපාලන නිරුවත දැන් පේනවා.හැමෝම එකට එකතු කරගනිපු ගමන් අපි යන්නේදැන් ආර්ථිකය ගොඩ නගමින් යනවා.වැටී තිබුණ රට ගොඩ ගැනීමේ ගමනට එක්වන සෙට ජනතා විමුක්ති පෙරමුණේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම්වලට ආරාධනා කරනවා. දේශපාලන අනාගතය ගැන හීන මවමින් සිටින නායකයින් ජනාධිපතිතුමා සමග එක් නොවුන්, ඇතුලේ සිටින කණ්ඩායම් ගැලවී ආණ්ඩුව සමග එක්වෙමින් තිබෙන බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment