රොස්මිඩ් තට්ටු නිවාසයේ හත්වැනි මහලෙන් බිමට පැන ‘ෆ්‍රන්ටියර් රිසර්ච්’ නිර්මාතෘ දිවිනසා ගනී

1965

‘ෆේරා්න්ටියර් රිසර්ච්’ ආයතනයේ නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ අමල් සඳරත්න මහතා ඔහු පදිංචිව සිටි රොස්මිඩ් පෙදෙසේ පිහිටි සුපිරි මහල් නිවාසයේ හත්වැනි මහලෙන් බිමට පැන පෙරේදා (23දා) උදෑසන සියදිවි හානි කරගෙන ඇත.

කුරුඳුවත්ත පොලිසිය කියා සිටියේ සඳරත්න මහතා මානසික ආතතියෙන් පෙළුණු පුද්ගලයකු බවත්, ඔහු කලක සිට ඊට ප්‍රතිකාර ගෙන ඇති බවත් ය.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ සඳරත්න මහතා මහල් නිවාසයේ හත්වැනි මහලෙන් බිමට පැන ඇත්තේ ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ බිරිඳ එම ස්ථානයේ සිටියදී බවයි.

සඳරත්න මහතා මහල් නිවාසයෙන් බිමට පැන දිවි හානිකරගත් බවට එම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ පොලිසිය හමුවේ කටඋත්තර ලබා දී ඇති බව පොලිස් ආරංචිමාර්ග කියා සිටියේය.

මියයන විට 47 වැනි වියේ පසු වූ සඳරත්න මහතා සර්ව ආර්ථිකය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ආර්ථික විශේෂඥයෙකි.

කුරුඳුවත්ත පොලිසිය විමර්ශන කටයුතු සිදුකරයි.
නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment