සති තුනකින්  තෙල් කඳුළක් නෑ – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සභාපති

278

අත්පිට මුදලට ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හැත්තෑපහකට අධික මුදල් ප්‍රමාණයක් සංස්ථාවට ගෙවා තිබුණත් සති තුනකට අධික කාලයක් තෙල් කඳුළක්වත් නොලැබුණ බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ (ඉන්ධන හල් හිමියෝ) සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයිනට’ පැවසීය. ඩීසල් හා පෙට්‍රල් ලීටල් 6600 බැගින් වූ බවුසර් දෙකක් සඳහා රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් ලංකා බනිජ තෙල් සංස්ථා ගිණුමේ තැන්පත් කළ යුතු බවත් ඒ අනුව ඉන්ධන හල් හිමියන් බැංකුවලින් ලබා ගන්නා ණයවලට පොලියක් ද ගෙවමින් මුදල්ද ගෙවා බලා සිටින බවත් ඒ මහතා කීය.


මීට පෙරාතුව සංස්ථාවෙන් ඉන්ධන ඇණවුම් කිරීමේදී අත්පිට මුදල් ගෙවීමේ ක්‍රමයක් නොතිබූ බවත් සංස්ථාව සතුව මුදල් නොමැති නිසා ඉන්ධන ඇණවුම් කිරීමේදීම සංස්ථා ගිණුමට මුදල් බැර කිරීමට සිදුවූ බව ද ෂෙල්ටන් මහතා කීවේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment