සහල් මෙට්‍රික් ටොන් 50,000ක් දෙසැම්බර් මුල පිටරටින් එයි

80

මෙරට පවතින සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස රජය මගින් ගෙන ඒමට තීරණය කළ සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් (50,000) දෙසැම්බර් මුල් සතියේ සිට මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා දිවයිනට ඊයේ (29දා) පැවැසීය.

මෙම සහල් තොගය උත්සව සමය ඉලක්ක කර ගෙන එන බවත් ඒවා රජයේ පාලන මිල යටතේ සතොස මගින් අලෙවි කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

මේ වනවිට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ආනයනික බිත්තර සතොස හරහා රුපියල් 35 ක මිලකට අලෙවි කිරීම් සිදුකරන බවත් උත්සව සමයේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය බිත්තර තොග අවශ්‍ය ප්‍රමාණය සතොස හරහා ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment