මහජන මන්ත‍්‍රණ සභාවට ගිය මැති ඇමැතීන්ට විනය පරීක්‍ෂණ – ඇමැති ගාමිණී ලොකුගේ

286

මහජන මන්ත‍්‍රණ සභාවට සහභාගි වූ ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් ඇතුළු මැති ඇමැතිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ (01දා) පැවසීය.

එම පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත්, කිසිවකුට හෝ ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍යතාවක් ඇත්නම් ඊට ආණ්ඩුවේ කිසිදු බාධාවක් නැති බවත් කියා සිටි හෙතෙම, ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචනය කිරීමෙන් සිදුවන හානිය සුළුපටු නැති බවත්, විපක්ෂයේ කාර්යභාරය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යෑමට ඕනෑම අයකුට හැකි බවත් කීය.

මහින්ද සුළඟ බිහිකිරීම සඳහා සුළු පක්ෂ කළ දෙයක් නොමැති බව කී ඇමැතිවරයා, ඔවුන් කළේ පොදුජන පෙරමුණ වටා එකතු වීම පමණක් බවත් කියා සිටියේය.

විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ (01 වැනිදා) එසේ පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයට වසර 52 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් කොළඹ විදුලි බල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයේ පැවති අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment