සාමය හා දයාව අරන් ජර්මන් ජාතික උර්සුලා 122 වැනි වතාවටත් ශ්‍රී ලංකාවට එයි

49

1979 සිට අඛණ්ඩව 122 වැනි වරටත් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් (Ursula Beier) මහත්මිය ඊයේ (10 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඇය ‘සාමය හා දයාව’ පදනම බිහිකර එමගින් දරුවා හදා ගම හදමු යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික සහ සදාචාරය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින්නීය.

ඇය ඇතුළු ඇයගේ දූත පිරිස ඊයේ අලුයම 05.35ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

උර්සුලා බේයර් මහත්මිය ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ඇයගේ ‘සාමය හා දයාව’ පදනමේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment