සාර්ව ආර්ථික අභියෝගයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනී

41
හර්ෂ අමරසේකර සභාපති සම්පත් බැංකුව / අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් බැංකුව

සම්පත් බැංකුව 2023 සැප්තැම්බර් 30 වන දිනෙන් අවන් කාලපරිච්ජේදය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 22ග0ක් ද බදු පසු ලාභය රුපියල් බිලියන 12ග3 ක් ද අත්පත් කරගත් අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ජේදය හා සැසඳීමේදී පිළිවෙලින් 136ග4% ක හා 71ග5% ක වර්ධනයකි.

2023 සැප්තැම්බර් 30 වන දිනට බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල

  • බැංකුවේ බදු පසු ලාභය 71.5%කින් එනම් රුපියල් බිලියන 12.3 ක් දක්වා ඉහළ යාම
  • ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 10%කින් ඉහළ යාම
  • ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 42.0කින් අධි ප්‍රමාණය වීම හේතුවෙන් විනිමය ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 15.8කින් පහත වැටීම
  • ණය හා ආයෝජන සඳහා අපහායන ප්‍රතිපාදන 70.4%කින් පහත වැටීම
  • පසුගිය කාලපරිච්ජේදයට සාපේක්ෂව බදු වියදම 197.7%කින් ඉහළ යාම
  • දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය 2023 සැප්තැම්බර් 30 වන දිනට රුපියල් බිලියන 112කින් එනම් රුපියල් බිලියන 996ක් දක්වා ඉහළ යාම
  • 2022 දෙසැම්බර් 31 වන දිනට 11.92% හා 14.27% ක්ව පැවති පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට පිළිවෙලින් 14.37% හා 17.73%ක් දක්වා ඉහළ යාම සම්පත් බැංකුව සමාලෝචනය කරනු ලබන කාලපරිච්ජේදය සඳහා රුපියල් බිලියන 153.4 ක දළ පොලී ආදායමක් වාර්තා කරන ලද අතර එය පෙර වසරේ අනුරූප කාලජේදය සඳහා වාර්තා වූ රුපියල් බිලියන 106.1 හා සැසඳීමේදී 44.6%ක වර්ධනයකි. සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (්AWPLR) 2022 සැප්තැම්බර් 30 වන දිනට වාර්තා වූ අගයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් 30 වන දින වන විට පදනම් ලකුණු 1,128කින් පහත වැටුණද එහි සාමාන්‍ය අගය පෙර වසරේ අනුරූප කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වසරේ සලකනු ලබන කාලපරිච්ජේදය පුරාවට සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතිණ. තවද පොලී අනුපාතයන් ඉහළ යාම හේතුවෙන් පොලී ආදායමට සාපේක්ෂව පොලී වියදම වැඩි අගයකින් ඉහළ ගිය අතර මේ හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 0ග3%කින් පහත වැටිණ.

2023 වසරේ පළමු කාර්තුව පටන් සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතයේ පැවති පහත වැටීමේ ප්‍රවණතාව හේතුවෙන් 2022 වසරේ දෙසැම්බර් 31 දිනට 5ග66%ක්ව පැවති ශුද්ධ පොලී ආන්තිකය වාර්තා කරනු ලබන කාලපරිච්ජේදය අවසන් දින වන විට 5ග19%ක් දක්වා එනම් පදනම් ලකුණු 49කින් පහත වැටිණ.

කාඩ්පත්, වෙළෙඳ මෙහෙයුම්, විද්‍යුත් මාර්ග හා විද්‍යුත් ප්‍රේෂණ ආශ්‍රිත ආදායම් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොටස් කොමිස් ආදායම පෙර වසරේ අනුරූප කාලජේදයට සාපේක්ෂව 10%කින් ඉහළ ගියේය. එසේම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11ග5%කින් අධි ප්‍රමාණය වීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 2ග8 ක විනිමය අලාභය හේතුවෙන් 2022 වසරේ අනුරූප කාලපරිච්ජේදයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 18ක ශුද්ධ මෙහෙයුම් ආදායමට සාපේක්ෂව 2023 වසරේ පළමු මාස 9ක කාලපරිච්ජේදය සඳහා රුපියල් බිලියන 2ග3ක ශුද්ධ මෙහෙයුම් අලාභයක් වාර්තා කරන ලදී. කෙසේ වෙතත් පෙර වසරේ අනුරූප කාලජේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 3ක ශුද්ධ වෙළෙඳ අලාභය ඉදිරි විනිමය ගිවිසුම් ප්‍රතිඅගය කිරීම් හේතුවෙන් මෙම වසරේ සලකනු ලබන කාලජේදය සඳහා රුපියල් බිලියන 1.7ක ශුද්ධ වෙළෙඳ ආදායමක් දක්වා ඉහළ නැංවීමට බැංකුව සමත් වූ අතර මේ හේතුවෙන් ඉහත විනිමය අලාභය යම් දුරකට ආවරණය කර ගැනීමට සම්පත් බැංකුවට හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment