සුරාසල් විවෘත කරන වේලාවල් සංශෝධනයට පියවර

148

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ සඳහා අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා කීය. සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් ඇමැතිවරයා ඊයේ (01 දා) මේ බව පැවැසීය.

නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා සියයට 50 කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය සියයට 500 ඉහළ අගයක පවතින බවයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්ත වී ඇති ආකාරය හේතුවක් වන බව ඇමැතිවරයා කියා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000 කට බව පෙන්වා දුන් ඇමැතිවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment