හර්ෂණට මුජිබර්ට සජබයෙන් නව තනතුරු

97

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එම පක්ෂයේ නව තනතුරු දෙකක් හිමිව තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇති අතර කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී පෙරේදා (16 දා) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී ප්‍රේමදාස මහතා විසින් එම පත්වීමේ ලිපි ලබාදී තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයන් පත්කර ඇත.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment