සුපර් සික්ස්, ප්‍රවේගය, මායා වැනි අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් මෙරට සිනමාවට දායාද කළ සදේශ් කුමාරි සහ ශ්‍රීමතී සදේශ් කුමාර නිෂ්පාදනය කළ දකුණු ඉන්දීය අධ්‍යක්ෂක සරෝ ෂන්මුගම් අධ්‍යක්ෂණය කළ “සිහිනයකි ආදරේ” සිනමා නිර්මාණය මෙම මස 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගතවීමට නියමිතය.

“සිහිනයකි ආදරේ” ආදර කතාවක් වටා ගෙතෙත romance ශානරයේ චිත්‍රපටයකි. සිහිනයකි ආදරේ සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ වර්තමාන පරපුරේ සිටින ජනප්‍රියම රංගන ශිල්පීන් දෙපළක් වන හේමාල් රණසිංහ සහ පූජා උමාංශකර් විසිනුයි. හේමාල් විසින් රෙහාන්ගේ චරිතයත් පූජා විසින් ජෙනිෆර් චරිතයත් නිරූපණය කරති. සිහිනයකි ආදරේ සිනමාපටය ගෙතෙන්නේ මෙම රෙහාන් සහ ජෙනිෆර්ගේ ආදර කතාව සහ විවාහයෙන් පසු ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදුවන කලබලකාරී සිදුවීම් දාමයක් වටායි.

ළඟ ළඟම එන සිහිනයකි ආදරේ

ඔවුන් දෙදෙනාට අමතරව ලකී ඩයස්, මහෙන්ද්‍ර පෙරේරා, උද්දික ප්‍රේමරත්න, ශේෂාද්‍රි ප්‍රියසාද්, දමිතා අබේරත්න වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.

එළැඹෙන 18 වැනිදා සිට මෙරට තිරගත කිරීම ආරම්භ කරන “සිහිනයකි ආදරේ” ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ජනවාරි 21 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා පිළිවෙළින් ජනවාරි 21 වැනිදා Fountaingate, ජනවාරි 28 Glen Waverley, ජනවාරි 28 South Morang, පෙබරවාරි 4 වැනිදා werribee හි තිරගත කිරීමට ද නියමිතය.

ළඟ ළඟම එන සිහිනයකි ආදරේ

දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment