ෆයිසර් 76000ක් අදත් එයි

124

මෙරට එන්නත්කරණයේ වැඩි අවධානයක් දිනා ගෙන ඇති ඇමෙරිකාවේ ,ෆයිසර් , එන්නත් මාත්‍රා 76000 ක් අද (13) අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 445 ක් බරැති පෙට්ටි තුළ අසුරා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි.

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment