51%ක් බූස්ටරය අරන්

53

මේ වනවිට කොවිඞ් බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබාගත් පුද්ගලයන් ප‍්‍රමාණය සමස්ත ජනග‍්‍රහනයෙන් සියයට 51 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (04දා) පැවසීය.

ඒ අනුව බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබාගෙන ඇති මුළු පුද්ගලයන් ගණන හැත්තෑ දෙලක්ෂ අටදහස් පන්සීය විසිනව දෙනෙකු බව ද හෙතෙම කීය.

බූස්ටර් එන්නත මෙතෙක් ලබාගෙන නොමැති නම් එය වහාම ලබාගන්නැයි ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, දිවයින පුරා මේ දිනවල කි‍්‍රයාත්මක විදුලි කප්පාදුවත් සමඟ ශීතාගාරවල පවතින එන්නත්වල කි‍්‍රයාකාරීත්වයට බලපෑම් සිදුවන බවට පළවන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව ද ඔහු කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment