SLT සමූහය 2021 වසරේ තෙවන කාර්තුවේදීත් ඉහළ ප්‍රථිඵල වාර්තා කරයි

193

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සිය පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින්, SLT-ඵධඊෂඔෑඛ, 2021 තෙවන කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2 ක් ලෙස වාර්තා කිරීමට සමත් වී තිබේ.

ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක ඉතුරුම් වැඩි කිරීමට හේතු වුණු අතර, එය මෙම වසරේ බදු පසු ලාභයේ වර්ධනයෙන් සහ අඛණ්ඩව ලාභාංශ ගෙවීම මගින් පිළිබිඹු වේ.

පෙර වසරට සාපේක්ෂව 2021 තෙවන කාර්තුව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 26.7 ක් දක්වා, එනම් 15.6% කින් වර්ධනය විය. සමූහයේ පොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක‍්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) පෙර වසරට සාපේක්ෂව 25.7% කින් වර්ධනය වී, රු. බිලියන 10.8 ක් ලෙස වාර්තා වී ඇත. EBITDA ආන්තිකයද පෙර වසරේ වාර්තා වූ 37.1% ට සාපේක්ෂව 40.4% ක් දක්වා වර්ධනය වී තිබේ.

පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත් අලෙවි ක‍්‍රමෝපායක් ක‍්‍රියාවට නැංවීම හේතුවෙන්, 2020 වසරේ මුල් මාස 9 ට සාපේක්ෂව, මෙම වසරේ මුල් මාස 9 තුළ සමූහයේ පිරිවැටුම 14% කින් ඉහළ ගොස්, රු. බිලියන 76.6 ක් ලෙස වාර්තා වී තිබේ. ගෘහස්ථ හා ආයතනික පාරිභෝගිකයන් සඳහා ෆයිබර් සම්බන්ධතාවන් ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ PEO TV හා ජංගම දුරකථන සේවාවන්හි වර්ධනය, මෙම සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම සේවාවන් සඳහා ඉල්ලූ‍ම ඉහළ යාම නිසා, බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 36.1% කින් ඉහළ ගොස්, රු. බිලියන 9.2 ක් ලෙස වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment