යොවුන් බොක්සිං ශූරයෝ පැමිණෙති

87

මැලේසියාවේ පැවති 34 වන යොවුන් බොක්සිං ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනාගෙන් 05 දෙනෙක්, රන් පදක්කමක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ඊයේ (19 වැනි දින) දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමේ පසිදු උමයංග මිහිරාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මීට අමතරව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ යසිදු ප්‍රේමරත්න සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ හේෂාන් ජයසිංහ රිදී පදක්කම බැගින් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම මෙම තරගාවලියේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වරුණ බණ්ඩාර සහ එම විද්‍යාලයේ සල්මන් ෆාරිස් ලෝකඩ පදක්කම බැගින් දිනා ගෙන තිබුණි.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අරුණ කටුගම්පළ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සහ මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment