ෆර්මියුලා රථයක් නිර්මාණය කළ ඇඹිලිපිටිය රාජකීය විදුහලේ මලීෂ

122

අඩු සම්පත් ප්‍රමාණයක් උපයෝගි කර ගනිමින් ෆර්මියුලා වර්ගයේ මෝටර් රථයක් නිර්මාණය කරන ලද තරුණයකු ඇඹිලිපිටිය, උඩවලව, තිඩොල්කැටිය ප්‍රදේශයේදී හමුවිය. ඔහු මලීෂ ජයකොඩිය. ඩීසල් වලින් ගමන් කරන ත්‍රිරෝද රථයක එන්ජිමක් භාවිත කරමින් කරන ලද මෙම මෝටර් රථය සඳහා යොදා ගෙන ඇත්තේ ඉවතලන යකඩ, පයිප්ප බට සහ එවැනි වූ වෙනත් දේ බව ඔහු පවසයි.

ඇඹිලිපිටිය රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන මලීෂට වයස අවුරුදු 16කි. මෙම නිර්මාණය තවත් වැඩි දියුණුකර ගනිමින් මව් බිමට නව නිර්මාණයක් ලබා දීමට අදාල බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වනු ඇතැයි මලීෂ බලාපොරොත්තුව සිටී.

මලීෂගේ ලිපිනය නො. 97, තිඩොල්කැටිය, කොළඹගේ ආරය. දු.අ. 0741930271 සහ 0776723767 ය.

පනාමුරේ – ජයන්ත පනාමුර


advertistmentadvertistment