අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ගෙල වැලලාගෙන මරුට

138

ගෙල වැලලාගත් ප්‍රියාන්
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී මව වන වාසනා කුමාරි (27) හා දියණිය තෂණි දිලණ්‍යා මාස (11) ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන වරකාගොඩ සල්ගස් මාවත පදිංචි ප්‍රියාන් මධුරංග (29) නමැති අය පෙරේදා (22 දා) බන්ධනාගාරයේ වාට්ටුවක් තුළදී තම ඇඳන් සිටි සරමෙන් විදුලි පංකාවේ එල්ලී සිටියදී සොයාගෙන ඇත.

ඒ මොහොතේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් දැක ඔහුව නාගොඩ රෝහල වෙත රැගෙන ගියත් ඒ වන විටත් ජීවිතක්ෂයට පත්වී ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය නාගොඩ රෝහලේදී සිදු කිරීමට නියමිතය.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment