අතිනත ගත් චමත් සහ හරිනිගෙන් සැමියා අහිමි තිදරු මවට නව නිවසක්

942

තමන්ගේ විවාහ උත්සවය වෙනුවෙන් වෙන් කරන ලද මුදලින් මනමාල මහතා පදිංචි ගම්මානයේ අසරණ වූ පවුලකට නව නිවසක් ඉදිකර දීමට අතිනත ගත් නව යුවළක් කටයුතු කර තිබුණි.

අකුරැුස්ස, ඌරුමුත්ත ධම්මරතනගම පදිංචිව සිටින චමත් ලේකම්ගේ මහතා සහ මාතර ඉසදීන් නගරයේ පදිංචිකාරියක වන හරිනි හේවාපතිරණ මහත්මිය ඉකුත්දා ඉතා චාම් ආකාරයෙන් අතිනත ගත්හ.

අතිනත ගත් චමත් සහ හරිනිගෙන්  සැමියා අහිමි තිදරු මවට නව නිවසක්

ඌරුමුත්ත ග‍්‍රාම නිලධාරී සේනානායක මහතාගේ නිර්දේශය මත ඌරුමුත්ත, ධම්මරතනගම, බෝපාගොඩ ගෙදර තාවකාලිකව පදිංචිව සිටි ජේ. එස්. රසිකා මහත්මිය සැමියා අහිමිව දරු තිදෙනකු සමග අසරණ වූ මවකි.

ඇයගේ සැමියා පසුගිය කාලයේ හදිසි අනතුරකින් මියගොස් ඇති අතර නිසි රැකවරණයක් නොමැති නිවසක වෙසෙන ඇයට සහ දරුවන්ට නිසි ලෙස පදිංචි විය හැකි පරිදි නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේ විවාහයට මාස කිහිපයකට පෙර මෙම මනාල යුවළ කතිකා කරගත් පරිදිය.

ඉකුත් 20 දාට යෙදී තිබුණ සුබ නැකැතට අනුව මෙම කාන්තාවට සිය දරු තිදෙනා සමග පදිංචිවීමට නව නිවස භාරදීම සිදු කළේ නව යුවළ විසිනි. ඔවුන් විසින් උදේ තේ මේසයක් සූදානම් කර මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක්ද සිදු කළහ.

සමන් උපුල් පිනිදිය, අතුරලිය – ඉඳුණිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment