අධිකරණයට අපහාස කළ මුදල් ලේකම්ට සජබයෙන් නඩු

126

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් ලබානොදීම නිසා අධිකරණයට අපහාස කළේ යැයි කියමින් මුදල් ඇමැතිවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව නඩු පැවරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඒ අනුව එම දෙදෙනාට එරෙහිව මෙම සතියේ නඩු පවරන බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදීත් මෙතෙක් එම නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වූයේ යැයි කියමින් මෙලෙස නඩු පවරන බව හෙතෙම වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment