අනුරපුරයට එකතු වූ කැළිකසළ ඉවත් කිරීමට තව දවස් හතක්වත් යාවි

128

ලක්ෂ විස්සකට අධික බැතිමතුන්ගෙන්

  • අනුරාධපුර නාගරික කොමසාරිස්

මෙවර පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් විසින් පරිසරයට මුදාහරින ලද කැළි කසළ ඉවත් කිරීමට තව දින පහක් හෝ හතක් ගතවනු ඇතැයි අනුරාධපුර නාගරික කොමසාරිස් විජේසිංහ මහතා පවසයි.

විවිධ මාධ්‍ය මගින් කැළිකසළ බැහැර කිරීම පිළිබඳව බැතිමතුන් සඳහා කොපමණ දැනුවත් කිරීම් කළද ඒවා නොසලකා හැරීම නිසා මේ වනවිට පරිසරයට විශාල කැළිකසළ ප්‍රමාණයක් මුදාහැර ඇත. පොලිතින්, ප්ලාස්ටික් බෝතල් මෙන්ම දිරන හා නොදිරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඒ අතර වෙති.

අනුරාධපුර, නුවරවැව, තිසාවැව, බසවක්කුලම වැව මෙන්ම මල්වතු ඔය ජලාශය ආශ්‍රිතවද කැළිකසල ඉවක් බවක් නොමැතිව දමා තිබෙනවා.

ලක්ෂ විස්සකට අධික පිරිසක් විසින් මුදාහරින ලද මෙම කැළිකසළ ප්‍රමාණය ඉවත් කිරීම සරල දෙයක් නොවේ. කෙසේ වෙතත් මෙම පරිසරය කඩිනමින් පිරිසිදු කිරීමට පියවර නොගතහොත් ගැටලු රැසක් මතු වෙනවා. මේ වගකීම මුළුමනින්ම අනුරාධපුර නගර සභාවට පැවරී තිබෙනවා. එය අපි කෙසේ හෝ ඉටු කළ යුතුයි.

මෑත භාගයේ පැමිණි විශාලතම බැතිමතුන් පිරිස මෙවර අනුරාධපුරයට පැමිණි අතර මේ නිසාම අනුරාධපුර නගරය පුරා එක්රැස් වූ කැළි කසළ ප්‍රමාණය ටොන් දෙසීයද ඉක්මවා ඇතැයි නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment