කොතලාවල විශ්ව විද්‍යාල පනත ප්‍රහෙලිකාවක් -සජබ

258

යෝජිත නව කොතලාවල විශ්ව විද්‍යාල පනත පෙහෙලිකාවක් බවත් මේ තුළින් උත්සාහ කරනුයේ රටපුරා පෟද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ඇති කිරීම බව විපක්ෂ නායක කාර්යාලයේ අද (28) පැවතේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

යෝජිත නව කොතලාවල විශ්ව විද්‍යාල පනත පෙහෙලිකාවක්. හේතුව මේ තුළින් උත්සාහ කරන්නේ රටපුරා පෟද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ඇති කිරීමයි. මේ පනත සම්මත වීමෙන් පසු කොතලාවල විශ්වවිද්‍යාලයට හැකියාව ලැබෙනවා ඕනෑම පළාතක පුද්ගලික විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක කරන්න වශ්‍ය නම් විශ්වවිද්‍යාල දෙකක් වුණත් ක්‍රියාත්මක කරන්න හැකියාවක් පවතිනවා. ඒවා පුද්ගලික විශ්ව විද්‍යාල මේ කරන්නේ රටපුරා පුද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ඇති කිරීමයි. එය හිනා යන ක්‍රියාවක්. මේ අය යහපාලන ආණ්ඩුව කාලය එක යිටම් වෛද්‍ය පීඨයට එදා විපක්ෂයේ ඉදන් විශාල ලෙස විරෝධතා දැක්වූවා එසේ විරුද්ධ වූ අය රට පුරා රැස්වීම් පැවැත්තුවා එදා මුළු රටම පෙළ ගැස්සුවා. එක වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධව එසේ කර අය දැන් රටපුරා පුද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරන්න කටයුතු කරනවා. මෙම පනතෙන් ආරම්භ කරන සියලු පෞද්ගලික විශ්වවිද්‍යාල පාලනය වන්නේ කොතලාවල විශ්වවිද්‍යාලය තුළින් දැන් රජයේ විශ්ව විද්‍යාල පාලනය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙය කරන්න. යන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරලා රට පුරා ව්‍යාප්ත කිරීමයි එක විශ්වවිද්‍යාලයකට විරුද්ධ වූ අය අද රෙදි ඇඳගෙනද මේ වගේ පනතක් ගේන්නේ එම අවස්ථාවේ මා අමාත්‍යවරයාගෙන් ඇසුවා. එදා සයිටම් එකට විරුද්ධ වූ බව එසේ විරුද්ධ නම් මේක කොහොමද ගේන්නේ මේ අයට උත්තර දෙන්න හැකියාවක් නැති වුනා. විශේෂයෙන්ම මේ පනත විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්නත් මේ අය බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව මේක සංශෝධනය කරන විට අපේ රටේ ඉන්න විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සමග සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම විද්වතුන් විශාල ප්‍රමාණයක් රට තුළ සිටිනවා. ඒ අය සමඟ වත් සාකච්ඡා කළේ නැහැ. තව දෙයක් තමයි මෙම පනත කොහෙද හැදුවේ එය හැදුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පසුව තමයි පාර්ලිමේන්තුවට ගෙනාවේ. යැයි හෙතෙම මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment