අනුරාධපුරයේ අක්කර 12500ක් විදෙස් ව්‍යාපාරිකයකුට දීලා – පාහියංගල ආනන්ද සාගර හිමි

976

කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යාපාරිකයකුට පවරා දී ඇතැයි ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (13දා) පැවසූහ.

අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇත්තේ ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින් බවද උන්වහන්සේ සඳහන් කළහ.

කෝමාරිකා වගාවට යැයි පවසමින් රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මෙම ඉඩම් පවරා දීම සඳහා 2021.08.31 දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ. අනුරාධපුර යාය 18, රාජාංගණය ප‍්‍රදේශයේ අදාළ කෝමාරිකා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වාකර ඇති වන සහ පාරිසරික විනාශයන් හේතුවෙන් අලි මිනිස් ගැටුම් සහ ජල අර්බුද ද පැන නැඟීමෙන් දිස්ත‍්‍රික්කයේ ජනතාව ගැටලූ රැුසකට මුහුණ පා ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ. කෝමාරිකා ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමට යැයි පවසමින් මීට වසර ගණනාවකට ප‍්‍රථම මෙරටට පැමිණ ඇති අදාළ ව්‍යාපාරිකයා වත්මන් රජයේ ප‍්‍රබල දේශපාලකයන්ගේ රක්‍ෂණය මැද මෙම වන සහ පාරිසරික විනාශයන් සිදු කරමින් පැවැතියත් ඔහු මේ දක්වා එකඳු කෝමාරිකා පැළයක් හෝ මෙරට සිටුවා නැති බවත් පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment