අනුර ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ අයි හබ් නිරීක්‍ෂණ චාරිකාවක…

56

ඉන්දියානු සංචාරයේ සිව්වැනි දිනය වූ ඊයේ (08) දින අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ අයි හබ් සමාගමේ සංචාරයක නිරත වූයෙමු.

එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙසය. එම ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපාය මාර්ගික මැදිහත්වීම් සිදු කරයි.

උපදේශනය, ජාලකරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගීතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහළක් යටදී සම්පූර්ණ කරදීමට කටයුතු කරයි.

ඉන් අනතුරුව ඔව්හු අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වූ අතර ඊයේ (08 දා) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් බලා යාමට නියමිතව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment