අඳුරින් ආලෝකය උදා වූ දීපාවලී අදයි

59

අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදට (24දාට) යෙදී තිබේ.

 දීපාවලි උත්සවය සබැඳිව මතිමතාන්තර රැසකි. ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙස මෙන්ම විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස එක් මතයකි. එසේම ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර මරා දැමූ දිනය ලෙස තවත් තැනෙක සඳහන්ය. ජෛන ආගමේ නිර්මාතෘ ජෛන මහාවීර නිර්වාණාවබෝධය ලැබූ දිනය ලෙසත් තවත් මතයකි.

 හින්දූන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව ඔවුන්ගේ නව වසර ඇරැඹෙන්නේ ඔක්තෝබරයේදීය. ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපාවලී උත්සවය පැවැත්වීමට නියම කර ගනී. එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වෙනස් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment