අපි ආසියාවට අභියෝගයක් – ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධානී නලින් ද සිල්වා

334

ආසියාවේ සිටින කණ්ඩායම් දහතුනෙන් පළමු කණ්ඩායම් තුන අතරට බලපෑමක් ඇති කළ හැකි කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හැඳින්විය හැකි බව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධානී නලින් ද සිල්වා මහතා (විශාමික ගුවන් හමුදා) ප්‍රකාශ කර සිටී.

අදීෂ වීරතුංග වැනි පරිණත ක්‍රීඩකයන් සමඟ පළපුරුදු තරුණ දක්ෂ ක්‍රීඩකයකු වන තරින්ද රත්වත්තගේ නායකත්වයෙන් මනා සමතුලිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බවද ඒ මහතා සඳහන් කළේය. කවිඳු කොස්තා, අංජුල හෙට්ටිආරච්චි, රමේෂ් ප්‍රනාන්දු සහ ගැමුණු චේතිය ගේ දක්ෂතා ද තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කරයි.

රග්බි පරිපාලනය තහනම් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට සහාය ලබා දුන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා, ජාතික ඔලිම්පික් කමිටු සභාපති, මහලේකම් (භධක්‍ ශ්‍රී ලංකා), ක්‍රීඩා වෛද්‍ය ඒකකය, ජාතික ක්‍රීඩා සභාව, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව, ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්ෂ හසන් සිංහවංශ සහ එහි පරිපාලන කාර්ය මණ්ඩලය, කොමදෝරු සනත් පිටිගල, උප සභාපති එස්එල්ආර් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට ස්තුතිය පළ කළ යුතු බව ද නලින් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

අදීෂ වීරතුංග, ආකාශ් මධුශංක, තරින්ද රත්වත්තේ, රමේශ් ප්‍රනාන්දු, දිනූප සෙනෙවිරත්න, රවීන් ද සිල්වා, කවිඳු ද කොස්තා, ඇඩම් ගවුදර්, අංජුල හෙට්ටිආරච්චි දර්ශන දාබරේ, ගැමුණු චේතිය, හේෂාන් ජැන්සන් සනත් පිටිගල (කළමනාකරු) දුෂාන් ලෙව්කේ (පුහුණුකරු) නමිත් සංකල්පන (වෛi) නලින් ද සිල්වා කණ්ඩායම් ප්‍රධානී

advertistmentadvertistment
advertistmentadvertistment