අයි. එම්. එෆ්. යනවා නම් දැඩි තීරණ ගන්න වේවි – ඇමරිකානු තානාපතිනි කියයි

282

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ණය ලබාගැනීමට සහාය දීමට ඇමරිකා එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව ද එම ණය ලබාගැනීමට දැඩි තීරණ ගැනීමට සිදුවිය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලී චැන්ග් මහත්මිය පැවසුවා ය.

ඇය තම මඩකලපුව සංචාරයේ දී නැඟෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී මෙරට පවතින නිදහස් සෞඛ්‍ය සේවාව, හා නිදහස් අධ්‍යාපනයට බලපෑමක් නොවන පරිදි සහාය වන ලෙස එහිදී ආණ්ඩුකාරවරිය තානාපතිනියගෙන් ඉල්ලා තිබේ.

කාත්තන්කුඩිය – සිතාර ලතීෂ

advertistmentadvertistment
advertistmentadvertistment