අරාබියේ ඇරැඹි ශ්‍රී ලයන්ස් මෙරටට එයි

369

එක්සත් අරාබි එමීර්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ශ්‍රී ලංකා ශාඛාව නිල වශයෙන් ආරම්භ කිරීම ඉකුත්දා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේදී සිදු වූ අතර අදාළ ක්‍රීඩා සමාජය ලබන මැයි මාසයේ පටන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කැලුම් සුජිත් පෙරේරාගේ අදහසකට අනුව 2019 වසරේදී එක්සත් අරාබි එමීර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් මුල් වරට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ආරම්භ කෙරිණි.

මේ වන විට මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, ගොල්ෆ්, හොකී, දැල්පන්දු,

රග්බි මෙන්ම වොලිබෝල් ආදී ක්‍රීඩා 09ක් එක්සත් අරාබි එමීර්හි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රියාත්මක වන අතර ක්‍රීඩා සමාජය ආරම්භ කරමින් පළමුවෙන්ම දැල්පන්දු පුහුණු කඳවුරක් පැවැත්වේ. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ මෙන්ම සභාපති කැලුම් සුජිත් පෙරේරා ‘රජයට දොස් පවරනවා වෙනුවට ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් කරන්න පුළුවන් කුමක්ද කියලා අපි බැලුවා. අපිට දැනගන්න ලැබුණා ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාවේ තවම ලීග් තරගාවලියක් නැහැ කියලා. අපි කියන්න කැමැතියි ඉදිරි මාස තුනක් වැනි කාලයේදී පළමුවැනි දැල්පන්දු ලීග් තරගාවලිය ලංකාවේ පවත්වන්න අපි කටයුතු කරනවා කියලා. අපි එක්සත් අරාබි එමීරයෙහි සාර්ථකව ක්‍රීඩා සමාජය පවත්වාගෙන ගිය නිසා තමයි අපි ලංකාවෙත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයක් ආරම්භ කිරීමට කටයුතු යෙදුවේ” යි කියා සිටියේය. ක්‍රීඩා සමාජයේ ලේකම් වශයෙන් හර්ෂ අමරසිංහ කටයුතු කරන අතර ඩිලන්ත මාලගමුව, කෙමිත් ලිදුල, කසුන් මධුශංක, මහේෂ් ජයරත්න, නෙලූෂ ශෙමිත්, රංග කුඩාකෝන් සහ සංජීව පෙරේරා ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment