අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

60

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේය.

මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති.

මේ අතරින් ඇතැම් සිසුන්ට පාසල වෙත ළඟාවීම සඳහා දිනපතා කිලෝමීටර් 5 කට අධික දුරක් පා ගමනින් පැමිණීමට සිදු වේ. දෙමාපියන්ට පවතින බරපතළ ආර්ථික දුෂ්කරතා නිසා, පාසලේ ජල ගැටලුව විසඳීමට මැදිහත් වීමට ඔවුන්ටද හැකියාවක් නොතිබිණි.

මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන කලාපයට කිලෝමීටර 46 ක් පමණ දුරින්, මහනුවර සහ සබරගමුව පළාත්වලට මායිම්ව පිහිටි මෙම පාසලේ සිසුන් 55 දෙනෙක් ඉගෙනුම ලබති. මෙම පානීය ජල ව්‍යාපෘතිය යටතේ පාසල් භූමියේ අඩි 15 ක ගැඹුරකින් යුත් ළිඳක්, කුලුනු මත රඳවන ලද ජල ටැංකියක් සහ පොම්පයක් සහිත පූර්ණ ජලනල පද්ධතියක් ස්ථාපිත කරන ලදි.

තිරසාරත්වය යනු අපගේ දැඩි අවධානයක් යොමුවන අංශයක්. එක්සත් ජාතීන්ගේ 6 වන සංවර්ධන ඉලක්කයට සමාගාමීව, රටේ දුෂ්කර පළාත්වල පිරිසිදු පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අප මේ වනවිට අවධානය යොමුකර තිබෙනවා. මෙම ජල පද්ධතිය ඉදිකරන අවස්ථාවේදී, පාසලේ විදුලි රැහැන් පද්ධතිය අබලන් වී ඇති බවත්, තාප්ප දුර්වර්ණ වී ඇති බවත් අපට පෙනී ගියා. එම නිසා විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීමටත්, තාප්පවල තීන්ත ආලේප කිරීමටත් අප පියවර ගත්තා. මෙම උත්සාහය මෙම සිසුන්ගේ ජීවිත නගාසිටුවීමට මහෝපකාරී වනු ඇතැයි අප සිතනවා අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment