අසනීපයකට බෙහෙත් නැහැ පොත් මිල දරුවන්ට දරා ගන්න බැහැ – සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර

61

ගම්පහ විශේෂ – සුසිල් රණමුක

අසනීපයකට ගන්න බෙහෙත් නැහැ. බෙහෙත් මිල ඇහුවගමන් තවත් අමාරුවක් හැදෙනවා. බඩු මිලත් දවසින් දවස ඉහළ යනවා. ඒත් ජනතාවගේ ආදායම දවසින් දවස පහළ වැටෙනවා. ආණ්ඩුව ජනනතාව දැන් නොමරා මරමින් සිටිනවා යැයි සමගි ජන බලවේගයේ
ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවසීය.

ගෝනහේන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වූ ගුණසේකර මහතා ආණ්ඩුව මහජනතාවගෙන් ප්‍රශ්න වෙනතකට අවධානය යොමු කරවන්න ප්‍රියමාලිලා වැනි කතාවලට මහ ප්‍රසිද්ධියක් දෙන තැනට වැඩ කරගෙන යනවා. වතුර බෝතලයක් පිටරටින් ගේන තැනට රටේ සියල්ල බිංදුවට බස්සලා. අඩුතරමින් රටේ වතුර ටිකෙන් හරි රටට විදේශ විනිමය ගේන්න පුළුවන් වුණොත් ඒ ටිකවත් තේරෙන්නේ නැහැ. පාසල් පොත් ද්‍රව්‍යවල මිල ගණන් දෙමව්පියන්ට, ඉගෙන ගන්න පාසල් දරුවන්ට දරා ගන්න බැහැ. ආණ්ඩුව මේවා නොදැක වගේ වගක් නිතිව ඉන්නවා.

රට මර්දනයෙන් නිහඬ කරවා නන්නත්තාර කර තිබෙනවා. යහපත් රටක් හැදීමට අද සමගි ජන බලවේගය වටා ජනතාව එක්වන්නේ මේ සියලු තත්ත්වයන් ජනතාව අවබෝධ කර ගනිමින් යැයි ද ගුණසේකර මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment