මුදල් ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

282


බදු අයකරගැනීම කපාහැරීම,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයාම,ඩොලරය රඳවාගෙන සිටීම,ණය ප්‍රතිව්‍යහුගත නොකිරීම රජය පැත්තෙන් සිදුවූ වරදක් බව මුදල් ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්චා පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මේ වන විට වත්මන් දේශීය ද්‍රවශීලතා සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වත් නැතැයි ද රජයේ බදු ආදායම දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.7ක් දක්වා අඩුවී ඇතැයිද සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.ආර්ථික අර්බුදය විසින් දේශපාලන අර්බුදයක් මතුකර ඇත.එනිසා දේශපාලන අර්බුදය විසඳුවත් ආර්ථික අර්බුදය එකවර විසඳන්න බැහැ.ඒ සඳහා වසරක් දෙකක් යයිද වසර දහයක් යයිද කියන්න බැහැ.එනිසා මේ මොහොතේ සියලු දෙනාට රට ගැන වගකීමක් තියෙනවා.මේ සඳහා දිගුකාලීන විසඳුම් සෙවිය යුතුයි.කිසිදු ආණ්ඩුවකට තනිව මෙම ගැටලුව විසදිය නොහැකියි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිලිවෙලක් සඳහා යාමට මාස 06ක් වත් ගතවේවි.

advertistmentadvertistment
advertistmentadvertistment