ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන සතියේ සිට

292

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එම තරගාවලිය සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව තිබේ.

ලීග් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ගනු ඇත. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන ආසියානු රටවල් ආසියානු කුසලාන තරගාවලිය සඳහා සෘජු සුදුසුකම් ලබාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment