ඇන්ජලෝ-කුසල්-ධනංජය 20-20 අවසන් සංචිතයට

195

වැන්ඩර්සේ-දුනිත්-චාමික ඇතුළු 6ක් ඉවතට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර තිබූ 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් ඉවත් කර ඇත.

ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් අතර උප නායකයා ලෙස චරිත් අසලංක පත්කර තිබේ.

මේ අතර සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින සංචිතයට ඇතුළත් නොවූ කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ද 20යි 20 අවසන් 16 සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇත.

ඩෙංගු රෝගය වැළඳීම නිසා එක්දින තරගාවලිය අහිමි වූ පැතුම් නිස්සංක සංචිතයට නම් කර තිබෙන්නේ සුදුසු යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලියට යොදා ගැනීමේ අරමුණ ඇතිවය.

දෙරට අතර 20යි 20 තරගාවලිය ලබන 14, 16 හා 18 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත වේ.

අවසන් 16 සංචිතය

වනිඳු හසරංග – (නායක), චරිත් අසලංක – (උප නායක), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක -(යෝග්‍යතාවයට යටත්ව), මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය

advertistmentadvertistment
advertistmentadvertistment