ඇෆ්ඝනිස්තාන තිදෙනකුට වැඩ වරදී

681

රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වඩා ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රීඩා කිරීමට මුල්තැන දීම හේතුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මුජීබ් උර් රහ්මාන්, ෆසල්හක් ෆරූකි හා නවීන් උල් හක්ට එරෙහිව සම්බාධක පනවා ඇත.

ඒ අනුව ඔවුන් තිදෙනාට ඉදිරි වසර දෙකක කාලය සඳහා විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවසර (NOC – no-objection certificates) ලබා නොදීමට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

එමෙන්ම මේ වන විට ඔවුන්ට විදෙස් ලීග් තරගාවලි වෙනුවෙන් ලබා දී ඇති අවසර ද අවලංගු කිරීමට පියවර ගත් බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තව ද ඔවුන්ට 2024 වසර සඳහා වන වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදීම ප්‍රමාද කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ වන විට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි.පී.එල්.) වෙනුවෙන් මුජීබ් උර් රහ්මාන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ද, ෆසල්හක් ෆරූකි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග ද, නවීන් උල් හක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ද ගිවිසුම්ගත වී සිටින අතර එම තරගාවලියට ඔවුන්ගේ සහභාගිත්වය ද ඒ අනුව මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment