ඉන්දීය රජය ඉස්ලාමීය  පී එස් අයි සංවිධානය තහනම් කරයි – 300ක් අත්අඩංගුවට

166

ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජය පොසියුලර් ප්‍රන්ට් ඔෆ් ඉන්ඩියා නමැති සංවිධානය වසර පහකට තහනම් කර ඇත.

 ත්‍රස්තවාදී සංවිධාන සමග සබඳකම් පැවැත්වීමේ චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.

 මෙම තහනමට ලක්වූ පී. එස්. අයි. සංවිධානය ඉස්ලාමීය සංවිධානයකි. එහි ප්‍රධානීන් 300ක් අත්අඩංගුවට ගෙන ඇත. බංග්ලාදේශ ඉස්ලාමීය සංවිධානය, සිරියාවේ අයිසිස් වැනි ත්‍රස්ත සංවිධාන සමග මෙම ඉන්දීය සංවිධානය සබඳතා පවත්වා ඇත.

 2008 දී කේරළ ප්‍රාන්තයේදී මෙම සංවිධානය ආරම්භ වූයේ දුගී ජනතාවගේ සහ අඩු කුලේ ජනතාවගේ සහන උදෙසා බවට දක්වමිනි. ඉන්දීය ත්‍රස්ත මර්දන පනත යටතේ මෙම සංවිධානය තහනම් කළබව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment